(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – බෙලිහුල් ඔය හෝටලයක පැවැති නීති විරෝධිව පවත්වනු ලැබූ ෆේස්බුක් සාදයක සිටි පුද්ගලයින් 51 මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
රත්නපුර සුරාබදු අධිකාරියට ලද තොරතුරක් මත ඊයේ(16) සවස 4.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරුවන් සතුව තිබූ මත්පෙති 23ක්, හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සොයා ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.








