FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු හේතුවෙන් කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය මත රෝහල් කාර්ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.