(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අමාත්‍ය ධුර වලින් ඉවත් වු මන්ත්‍රීවරුන් සඳහා හෙට (18) දිනයේදී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් පනවන බව පාර්මේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණයකට අනුව මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පමණක් සුපුරුදු පරිදි ඉදිරි පෙළ අසුන් පනවන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම්, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාද් බදියුදීන් යන මහත්වරුන්ට ඉදිරි පෙළ අසුන් පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව සෙසු මන්ත්‍රිවරුන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පසුපෙළ ආසන හිමිවනු ඇති බව වාර්තා වෙයි.








