(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුල්මුඩේ – කෝකිලායි කලපුව ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අඩංගු කරල් 27ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී වන අතර සැකකරු එම මත්ද්‍රව්‍ය අඩංගු කරල් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුල්මුඬේ පොලීසියට භාර දී තිබේ








