FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍යවරයාගේ පොසොන් දින පණිවිඩය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වෙමුයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දින පණිවිඩයෙන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය පවසන්නේ යම් කිසි රටකට , ජන සමාජයකට සංක්‍රමණය වන ධර්ම මාර්ගයක් එකී ජන සමාජය නවතාවයට  පත් කරමින් සමාජ , සංස්කෘතික දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතශීලි වෙනසක් ඇති කිරීම පිලිබඳ ලෝක ඉතිහාසයේ අගනා නිදසුනක් ලෙස බුදු දහම ලංකාව තුල ස්ථාපිත වීමෙන් ඇති වූ සමාජ පුනුරුදය දැක්විය හැකි බවයි.

තවද මෙම උතුමා වූ පොසොන් පොහෝ දිනයේ අප වඩාත් අවධානය යොමු කල යුත්තේ එකී සත්‍ය ධර්මයේ ගැඹුරු උත්තරීතර වටිනාකම් සමුදාය වෙත ය. අන්තවාදී බලවේග ක්‍රියාත්මක වන මෙබඳු වකවානුවක අප වඩ වඩාත් ධර්මාලෝකය ලබමින්, මනුෂත්‍යවය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතුය.

බාහිර වත්පිළිවෙත් තුලින් නොව සබෑ දහම් හරයෙන් අප ජිවිත පොහොසත් කරගනිමු.. ඒ සඳහා සැම සිත් පහන් වේවායි මෙම උතුම් වූ පොසොන් පොහොය දිනයේ ප්‍රර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරයාගේ පොසොන් දින පණිවිඩයේ දැක්වේ.