(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) දිවයිනට රැගෙන එනු ලැබු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් රතු නිවේදනයක් නිකුත් කිරීමද ඉවහල් වූ බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් පවසා තිබේ.
තවත් සැකකරුවන් 04 දෙනෙකු සමඟින් මොහු මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙයි.
ඔහු වවුනතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (14) සඳහන් කළේය.








