(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා යුද හමුදාව එක්ව මහනුවර හිඟුල ප්‍රදේශයේ කළ වැටලීමකින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.








