FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සිංගප්පූරුවෙන් අගමැතිට පැසසුම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසීය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන්  මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සමාජ, ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් පිළිබඳව අනුගමනය කළ යුතු සාමූහික පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණු අතර , ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් මහතා ද මේ අවස්ථාවට එක් විය.