ලක්ෂ ගණනක යකඩ වංචා කළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ ගණනක යකඩ වංචා කළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් ලක්ෂ 13 ක් වටිනා යකඩ තොගයක් වංචනිකව අලෙවි කළ බවට සැක පිට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකු සියඹලාන්ඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සියඹලාන්ඩුව – හැඩඔය පාලම ඉදිකිරීමේදී ඉවත් කරන ලද යකඩ වංචනිකව අලෙවි කර ඇති බවට සැකකාර ඉංජිනේරුවරයාට චෝදනා එල්ල වී තිබේ.

ඔහු අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

CATEGORIES