(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, 11 වැනි සැකකරු වු නාවික හමුදා නිලධාරියා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (14) නියම කර තිබේ
මෙම නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න මහතා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අද (14) මෙම ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් 150000/- ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර ඇත.
සෑම මසකම අවසන් ඉරු දින රහස් පොලිසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහාධිකරණය විසින් තවත් ඇප කොන්දේසියක් සැකකරු වෙත පනවා තිබේ.








