FAST NEWS

24×7 Around the Globe

පොසොන් ප්‍රවාහන සැලැස්ම අද (14) සිට ක්‍රියාත්මකයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් උත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති විශේෂ ප්‍රවාහන සැලැස්ම අද (14) සිට ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය , දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දායකත්වයෙන් ලබන අගහරුවාදා දක්වා මෙම ඒකාබද්ධ සැලස්ම ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව රජරට , කොළඹ , මහනුවර , ගම්පහ හා වයඹ යන ප්‍ර්‍රාදේශික 05 ක් ආවරණය වන පරිදි ලංගම බස් රථ 600 ක් යොදවා ඇත.

අද සිට අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අමතරව කොළඹ කොටුව – අනුරාධපුරය , මහව – අනුරාධපුරය හා අනුරාධපුරය – ඛෙලිඅත්ත දුම්රිය ස්ථාන වෙතද විශේෂ දුම්රිය යොදවා තිබේ.