(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මොහොමඞ් මිල්හාන් ඇතුළු එහි ප්‍රබල සාමාජිකයන් 05 දෙනෙකු අද (14) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම පිරිස ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළාගොස් තිබේ.
මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර කියා සිටියේය.








