FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් කථානායක තෙදින සංචාරයක් සඳහා අද (14) දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් මහතා ඇතුලු පාර්ලිමේන්තු ධූත පිරිසක් තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පිරිස ලංකාවට පැමිණෙයි.

මාලදිවයිනේ වත්මන් පාලක පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද මීට අයත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.