(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්වූ අතර අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනයටයි.
ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව ඇරඹිණි.
රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පළමුව සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා ද සාක්ෂි දීමට නියමිතය.








