FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ ෆේස්බුක් සගයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සමීප ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන ස්ථාන හතක සෝදිසි මෙහෙයුම් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අවුරුදු 32ක් වන මොහොමඩ් අසාරුඩීන් නැමැත්තෙකි.

සහරාන් හෂීම්ගේ අන්තවාදී අදහස් මෙම සැකකරු විසින් තම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.