(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් විසින් පෙරේදා සිට ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන් කර ඇත.
ඒ ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලු රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බව ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා සදහන් කළේය.
ශ්‍රී ලංගම සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ දැනට ලබාදී ඇති උසස්වීම්වලට අදාළව වැටුප් ලබාදෙන ලෙස බලකරමිනුයි.








