FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව ලංකාවට එරෙහිව පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව තාවකාලිකව පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා බළධාරීන් විසින් රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් අත්‍යවශ්‍ය කරුණකට ශ්‍රී ලංකාවේ සංචාරය අවධානම් සහගත නොවන බව එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.