FAST NEWS

24×7 Around the Globe

කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්විම ලබන 18 වැනිදා

 

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්විම ලබන 18 වැනිදා පැවැත්වෙන බව කැබිනට් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවිම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට රාජ්‍ය නිලධාරීන් ගෙන්විම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍ය පාර්ශවය අතර යම් අර්බුදකාරී තත්වයක් නිර්මාණය විම හේතුවෙන් පසුගිය 11 වැනිදා පැවැත්විමට නියමීතව තිබු කැබිනට් මණ්ඩල රැස්විම නොපැවැත්වුණී.