FAST NEWS

24×7 Around the Globe

ශ්‍රේෂ්ඨාධිකරණය මධූ මාධවගේ පෙත්සම විභාග කිරිම අත්හිටුවයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව තමන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අත්හිටුවිමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (13) නියම කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.

උත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිපති අධිකරණයට දැනුම් දී ඇත්තේ මිනුවන්ගොඩ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව මධු මාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොමැති බවය.

එහි වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

ඒ අනුව මෙම කරුණු සලකා බලා අදාළ නියෝගය නිකුත් කර තිබේ.