(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් අනතුරුව ඊයේ (12) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යළි ආසිරි ගන්වා විවෘත කරනු ලැබීය.
පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී දින 52 කට පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අද (13) පැවැත්වීමට නියමිතයි.
දේවස්ථානය විවෘත කිරීමෙන් පසුව අගරදගුරු හිමිපාණන් විසින් පැවැත්වූ විශේෂ දේව මෙහෙය සදහා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන්ද එක්ව සිටියහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සහ විපතට පත්වූවන් හේතුවෙන් කොච්චිකඩේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර උත්සවාකාරයෙන් නොපැවැත්වීමට දේවස්ථාන පරිපාලනය තීරණය කර තිබෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.








