FAST NEWS

24×7 Around the Globe

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ – ආනන්ද

 

(ෆාස්ට් නිව්ස්- කොළඹ) – පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සෙවිමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව අද (13) දින සාක්ෂි ලබා දීම සඳහා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට පැමිණෙන ලෙස දන්වා නොමැති බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව අද (13) දින සාක්ෂි දීමට කැඳවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පමණක් බ හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ(12) දිනයේ දී කියා සිටියේ, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ රාජකාරී සමයේදී සිදු වු පැමිණිලි සහ ඒ හා ආදාල ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා ඔහු අද (13) දිනයේ කැඳවනු ඇති බවය.

එම කාරක සභාව අද (13) පස්වරු02 ට සිව්වන දිනටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්විමට නියමීතය.