FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවිමේ විශේෂ කාරක සභාව අද (13) සිව්වන දිනටත් රැස්වෙයි

 

(ෆාස්ට් නිව්ස්- කොළඹ)  – පසුගිය අප්‍රේල් 21 පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිව්වන දිනට අද (13) දින පස්වරු 02 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වීමට නියමිතය.

කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (13) කාරක සභාව හමුවට සාක්ෂි ලබදීමට කැඳවා තිබේ.

ඊට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ,රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා කැඳවා තිබේ.