(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි මෙරට ධීවරයින් 05 දෙනා නිදහස් කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම පිරිස පසුගිය මාර්තු 26 වනදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ අතර , ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසීය.








