FAST NEWS

24×7 Around the Globe

මංතීරු නීතිය කඩකරන්නන්ට 2000 ක දඩයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ නගරයේ පැය දෙකක් තුළ සිදුකළ මෙහෙයුමකදී මංතීරු නීති කඩකළ රියදුරන් 582 කට එරෙහිව නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙම නඩු පැවරීම සඳහා සී සී ටී වී දර්ශන ද උපයෝගී කරගත් බවත් , මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් 2,000 ක දඩයක් නියම කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.