(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (14) නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
චීනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති ටජිකිස්ථානය බලා පිටත්ව යන අතර , ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවුවත් අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙසයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.
මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චීන, රුසියා මයිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.









