FAST NEWS

24×7 Around the Globe

කංජීපානි තවදුරටත් රඳවා ගැනිම අවසර

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාකඳුරේ මධුෂ් සමග පසුගිදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් නමැත්තා මේ මස 26 වැනිදා දක්වා තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය භරයේ රඳවාගෙන සිටි කංජිපානි ඉම්රාන් නමැත්තා නිරීක්ෂණය සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දුන් බව අප අධිකරණ වාර්තාකරු කියයි.

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සෑකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව ලබන 26 වනදා නිරීක්ෂණය සඳහා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.