FAST NEWS

24×7 Around the Globe

පොසොන් උත්සවය නිමිති කරගෙන විශේෂ ප්‍රවාහන සැලැස්මක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

ඒ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සහ ජාතක ගමනාගමන කොමිසම් සභාව යන ආයතනවල දායකත්වයෙන්.

ලබන 14 වැනිදා සිට 18 වැනිදා අලුයම දක්වා එම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මකවන අතර , ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පොසොන් උත්සවය වෙනුවෙන් රජරට, කොළඹ, මහනුවර, ගම්පහ, වයඹ යනාදි ලෙස ප්‍රාදේශික 05 ක් ආවරණය වන පරිදි බස්රථ 600 ක් ධාවනයට යොදවා තිබේ.

මෙවර මෙම ප්‍රවාහන සැලැස්මේ විශේෂත්වය වන්නේ පසුගිය වර්ෂයට වඩා මෙවර නව ගමන්වාර කිහිපයක් හඳුන්වා දීමයි.

කෙසේනමුත් මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භ වන පොසොන් සේවා බස්රථ මිහින්තලය දක්වාම ධාවනය කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

ඊට අමතරව කොළඹ කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය, අනුරාධපුරය – බෙලිඅත්ත යනාදි ලෙසද විශේෂ දුම්රිය යොදවා ඇත.