FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 07 කට ඇප – දෙදෙනෙකු රිමාන්ඩ්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට අද (12) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන ඔක්තෝම්බර් මස 16 වනදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.