(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්‌කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ සිදුවීම් පිළිබඳව කරුණු සොයා බැලීමට තමන් ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‌ෂණයක් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සන්ධාන පක්‌ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා යාපනයේදී දෙමළ ජනතා සන්ධාන පක්‌ෂයේ ක්‍රියාකාරීන් සමග පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.
මුස්‌ලිම් ජනතාව යනු මේ රටේම ජන කොටසක් වුවත් කිසිදු හේතුවක් නොමැතිව ඔවුන්ට ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට හා රටේ පවත්නා වලංගු නීතියට පටහැනිව බොහෝ අසාධාරණකම් සිදු වූ නිසා තමන් ඊට ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‌ෂණයක් ඉල්ලා සිටින්නේ තම පක්‌ෂය හරහා බවද විග්නේෂ්වරන් මහතා කියා තිබේ.
රට තුළ සිදු වූ ත්‍රස්‌තවාදී ක්‍රියාවක් පදනම් කරගෙන ජාතිවාදය කරපින්නා ගත් පිරිසක් මුස්‌ලිම් ජනයාගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් සියලු දෙනාම දැකිය යුතු බවද විග්නේෂ්වරන් මහතා මෙහිදී සඳහන් කළේර තිබේ.
ඒ අනුව මුස්‌ලිම් ජනතාව දෙමළ ජනතාවගේ සහෝදර ජන කොට්‌ඨාශයක් වශයෙන් සලකා තමන් ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලය ඇතුළු ලෝකයේ රටවල් හා සංවිධාන කීපයකට ලිපියක් යෑවීමට සැලසුම් කොට ඇති බවත් ඒ මගින් මේ ජාත්‍යන්තර පරීක්‌ෂණය ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කර ඇත.
.








