FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට හිස්බුල්ලා හා ඉලංගකොන් කැඳවති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

හෙට (13) පස්වරු 02 ට තේරීම් කාරක සභාව යළි රැස්වීමට නියමිත අතර එ අනුව ඔවුන් එම සභාව හමුවේ පෙනී සිටිය යුතුය.

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා / සමස්ත ලංකා ජමෙයතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා සහ කාන්තන්කුඩියේ මුස්ලිම් දේවස්ථානයක මවුලවිවරයෙක් ඊයේ (11) දිනයේදී තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්හ.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුනු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව