FAST NEWS

24×7 Around the Globe

කංජිපානි ඉම්රාන් අද (12) යළිත් අධිකරණය හමුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාතාල නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද (12) ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය මැයි මස 08 වනදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතනය, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 ක් එල්ල වන බවයි.

දින 90 ක රැඳවුම් නියෝග මත කංජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.