(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන්ගේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස පවසමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට පෙරේදා පස්වරුවේ සිට මෙම උපවාසය ආරම්භ කළේය.
අද (12) පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දැඩි කරන බව ලංගම ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් ධර්ම බණ්ඩාර කියා සිටියේය.








