ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පිරිසක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
කැස්බෑව ආසන සංවිධායක – ජීවන් කුමාරතුංග
ගම්පහ – ජාඇල – නාමල් සුරංග
මීගමුව ආසන සම සංවිධායක – ලලිත් ටෙන්සිල්
හොරණ ආසන සංවිධායක – රවින්ද්‍ර ශ්‍රී සුරංග
බේරුවල ආසන සංවිධායක – සුගත් මතුගමගේ
කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස – සාලිය ගුණසිංහ
මහනුවර පාතදුම්බර ආසන සම සංවිධායක – එච්.ප්‍රියන්ත පුෂ්පකුමාර
උඩුදුම්බර ආසන සම සංවිධායක – අනුරුද්ධ පාලිත බණ්ඩාර
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස – කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර
ත්‍රිකුණාමලය – වේරුගල් බලප්‍රදේශය සංවිධායක – කනගසුරියම් උදය කුමාර්
මූතුර් ආසන සම සංවිධායක – එස්.එම්. සුබියන්
මුතුර් ප්‍රාදේශිය බලප්‍රදේශ භාර සංවිධායක – ඒ.ආර්. ඉඞ්රිස්
කින්නියා ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක – එම්.එච්.එම්. රාසික්
කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක – එන්. සුනිල් රාසික්
ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක – අලගු ධර්මරාජන්
ත්‍රිකුණාමලය නගර සභා බලප්‍රදේශ දමිළ ජනප්‍රදේශ සංවිධායක – කාලි රාජා ක්‍රිෂ්නරාජා
තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක – ආර්. කලිපුල්ලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








