FAST NEWS

24×7 Around the Globe

පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන්.

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවැති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (07) නියෝග කළේය.

එමෙන්ම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත් මෙහිදී නියෝග කර ඇත.

රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැනුම් දුන් බවය.