(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – හැටන් (A 7) ප්‍රධාන මාර්ගයේ යටියන්තොට නගරයේ ඝණ දෙවි කෝවිල ඉදිරිපිට කොටස අද (11) සිට වසා තැඛෙන බව පොලිසිය නිවේදනය කර සිටියි.
ඒ අනුව විකල්ප මාර්ගයක් ලෙස පැරණි කොළඹ හැටන් මාර්ගය හරහා යටියන්තොට නගරය ඔරලෝසු කණුව අසලින් හා බෝධිය අසලින් / සමන්දෙවි පිලිරුව දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටියි








