FAST NEWS

24×7 Around the Globe

ළමා අධිකාරියට වාර්ෂිකව පැමිණිලි 9000 ක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකතන සේවය වෙත වාර්ෂිකව පැමිණිලි 9000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ඒ අතරින් 1500 කට ආසන්න ප්‍රමාණයක් අනිවාර්ය අධ්‍යාපනය සම්බන්ධ රෙගුලාසි කඩවීම් සම්බන්ධයෙන් බවත් ජූනි 12 වනදාට යෙදෙන ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ළමා ශ්‍රමයට එරෙහි වී, ළමා ශ්‍රමය නිමා කිරීම සඳහා එවැනි සිදුවීම් පිළිබඳව දවසේ පැය 24 ක්‍රියාත්මක, ඇමතුම් ගාස්තු රහිත 1929 ශ්‍රි ලංකා ළමා උපකාරක දුරකතන සේවය අමතා දැනුම් දෙන ලෙසත් එම අධිකාරිය දැනුම් දෙයි.

මෙවර ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයේ තේමාව වන්නේ “ළමා ශ්‍රමය නිමා කරමු, නැවුම් සිහින සැබෑ කරමු” යන්නයි.