FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයකට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව ලබන 24 වැනිදා ත් 30 වැනිදාඑත් අතර කාලය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇති බව පැවසේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම දින කිහිපය ඇතුළත ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය සහ කොරියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවත් කියැවේ.

නිදහස් සහ විවෘත ඉන්දීය පැසිෆික් කලාපයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඔහු මෙම සංචාරයේ නිරතවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වෙයි.