FAST NEWS

24×7 Around the Globe

කුවේට් ගිය ලාංකිකයන් පිරිසක් අද අලුයම යළිත් දිවයිනට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10) යළිත් ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවීමට කටයුතු කර තිබේ.

මෙම පිරිස අතරින් දින 10 ක් පමණක් කුවේටයේ රැදී සිටි තරුණයින් 29 දෙනෙකු ද අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.

මොවුන් පසුගිය මස 31 වනදා ශ්‍රී ලංකාවෙන් කුවේට් වෙත ගොස් ඇත්තේ එරට ආහාර නිෂ්පාදනය කරන ආයතනයක සිය නිෂ්පාදන යතුරුපැදි මගින් බෙදාහරින යතුරුපැදි ධාවකයන් ලෙස සේවය කිරීමටය.

මෙම කණ්ඩායමටම අයත් තවත් තරුණයන් 30 දෙනෙකු ද පසුගිය 04 වනදා කුවේටයේ පෙර සඳහන් ආහාර නිෂ්පාදන ආයතනයේ යතුරුපැදි ධාවකයන් ලෙස කටයුතු කිරීමට එරට යවා තිබිණි.

ඔවුන් එක් දිනක් පමණක් කුවේටයේ ගතකර එනම් 6/05 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබිණි.

මෙම තරුණයන් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා ඒජන්සියක් මගින් කුවේට් වෙත යවා තිබේ.