(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නිදහස් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (09) දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම තීරණයට එළඹ ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ සහකාර අධ්යක්ෂවරයා සදහන් කළේය.
ඉන්දීය මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට පත්ව ඇත.








