FAST NEWS

24×7 Around the Globe

පළාත් පහකට අදත් තද වැසි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (10) දිවයිනේ ප්‍රදේශ රැසක තරමක තද වැසි ඇති විය හැකි බව කාලගූණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණු , මධ්‍යම, සබරගමුව හා වයඹ පලාත්වල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් , දිවයින හරහා දැනට පවතින සුළං තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.