(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මීල සුත්රයට අනුව සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර, ඒ අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු විමට නියමිතය.
මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගත්තේය.
ඒ අනුව ඔස්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 03කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 03කින්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් ඔටෝ ඩිසල් ලීටරයක මිලෙහි වෙනසක් සිදු වුණේ නොමැත.






