(ෆාස්ට් නිව්ස්|කොළඹ) – මිනිස් ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මලයාසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයින් 8 දෙනාට අමතරව මලයාසියානු ජාතිකයින් තිදෙනෙකු ද වන බව වාර්තාවේ.
ඔවුන් විවිධ රටවල පුද්ගලයින් මලයාසියාවේ ක්වාලාලම්පූර් හි විවිධ ස්ථානවල රඳවා නීති විරෝධීව යුරෝපා රටවලට යැවීම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වසරක පමණ කාලයක සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිනිස් ජාවාරම ජාත්‍යන්තර ජාලයක් ලෙස ව්‍යාප්ත වී ඇති බවද හෙළිව ඇත.
ශ්‍රී ලාංකිකයෙකු මලයාසියානු ගුවන් බලපත්‍ර යොදා ගනිමින් තායිලන්තයට යැවීමට ගත් උත්සාහයක් පිළිබඳ පොලිසියට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා එරට ආගමන විගමන පනතට අනුව රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරයි.








