(ෆාස්ට් නිව්ස්| කොළඹ) – ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති ,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියෝ අපවත් වෙති.
අද (09) අළුයම අපවත් වී ඇති බව වාර්තා වෙයි.
1924 වසරේ ජූලි මස 15 වනදා පල්ලතර දී උපත ලබා 1941 වසරේදී මුල්කිරිගල රජමහා විහාරයේ දී පැවිදි බව ලැබූ පල්ලතර ශ්‍රී සුමනජෝති නාහිමියෝ අපවත් වන විට 95 වන වියේ පසු වුහ.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 12 වනදා ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.








