(ෆාස්ට් නිව්ස්|කොළඹ) – පාතාල සාමාජික ක්රිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
ටිරෝන් ජානක හෙවත් ජානක නැමැත්තා මෙලෙස ඒකල,මඩම පාර ප්රදේශයේදී ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුව මෙම සැකකරු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදී ඇත.
පසුගිය 05 දා රාත්රියේ ජාඇළ, ඒකල ,මහවත්ත ප්රදේශයේදී පාතාල සාමාජික ක්රිශාන්ත අජිත් කුමාර හෙවත් ‘කළු අජිත්ට’ වෙඩි තබා ඝාතනය කර තිබුණි.








