FAST NEWS

24×7 Around the Globe

25,000 සේ දඩයට බස් සංගම් විශ්ලේෂණයක – ත්‍රීවීල් වලින් විරෝධය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව රථ වාහන දඩ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට බස් සංගම්වල සූදානමක් පවතින අතර , ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වැඩි වූ දඩ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් කමිටුවක් ද පත් කළ බවයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ද සඳහන් කළේ තම සංගමය ද වැඩි වූ රථ වාහන දඩය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙන බවයි.

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ද වැඩි වූ නව රථ වාහන දඩයට විරෝධය පළ කරයි.

රථ වාහන ධාවනයේදී රියදුරන් සිදුකරන වැරදි සදහා මෙතෙක් පැවති දඩුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (07) පාර්ලිමේන්තුවේදි අනුමැතිය හිමිවිය.