(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැකිරාව – දඹුල්ල ඒ 9 මාර්ගයේ තිබ්බටුවැව ප්‍රදේශයේ අද (08) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තිදෙෙනකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවක නිරත වෙයි.
දඹුල්ල සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඉන් 03 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.











