FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් ඒ අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.

මේ දිනවල සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

වැසි තත්ත්වය අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ කාලීන වැඩිවිමක් පෙන්නුම් කරන බවත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය පෙන්වන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය.

ඩෙංගු මදුරුවන් වඩාත් සක්‍රිය වන්නේ පෙරවරු 6 – 11 ත් අතර කාලයේදී සහ පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර කාලයේදීයි.

එම කාලය තුළදී දිග ඇඳුම් ඇදීම සහ මදුරු විකර්ශක ආලේප සමෙහි ගැල්වීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.