(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට දින නියම කළ බව දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරයි.
ඒ අනුව දළදා පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 02 වනදා සිදුකරන අතර , පළමු කුඹල් පෙරහර අගෝස්තු 05 වනදා වීථි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු 10 වනදායි.
අගෝස්තු 14 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.








