(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 09 දෙනෙකුට අධි චෝදනා සූදානම් කර අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නීතිපති දප්පුල ද ලිවේරාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සදහන් කළේ අදාළ නඩුව විභාග කිරීම සදහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙසට ද නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බවයි.








