FAST NEWS

24×7 Around the Globe

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් කතානායකට සංදේශයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ත්‍රස්ත විරෝධී ජාතික ප්‍රතිපත්තිය ඇතුළත් සංදේශයක් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද (07) කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ.

එම ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසින් මෙම සංදේශය භාරදී තිබෙන අතර , එය කරුණු 18 කින් සමන්විතව ඇත.

ඉස්ලාම් අන්තවාදය සහ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමේ අරමුණෙන් මෙම සංදේශය සකස් කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.